ඔබ අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙක් නම් ඔබට මුදල් ගෙන්වීමට paypal ,Skrill Account ,payoneer වැනි සේවාවන් හාවිතා කරන්න සිදු වෙනවා .අද අපි බලමු Skrill Account එකක් නිවැරදිව සාදාගන්නා ආකාරය.මේක ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්.එහෙනම් අපි පියවරෙන් පියවර බලමු වැඩේ කරන්නේ කොහොමද කියල.
දැන් ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න මෙහිදී ඔබ අලුතෙන්ම email එකක් හදාගන්නවනම් හොදයි. ඒ email එක වෙනත් site වල register වෙන්න facebook account හදන්න බාවිතා කරන්න එපා .
හොද ශක්තිමත් password එකක් යොදාගන්න ,simple ,capital ,numbers ,special symbols ඇතුළුව.
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .
මෙහිදී ඔබගේ බැංකු ගිණුමේ නම සදහන් වන ආකාරයට නම සදහන් කරන්න සැලකිලිමත් වන්න .
දැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .
මෙහිදී ඔබගේ address එක නිවැරදිව ඇතුලත් කරන්න ,මොකද ඔබට address verify කිරීමට සිදුවෙනවා .post code එක ගැන ඔබ දැනටමත් දැනුවත් වෙලානේ ඉන්නේ .ඔබගේ post code එකද නිවැරදිව සදහන් කරදැන් next කර ඊලග පියවරට ඇතුළුවන්න දැන් ඔබට පහත ආකාරයේ වෙබ් පිටුවක් ලැබේවි .
දැන් ඔබ සාර්ථකව skrill account එකක් සාදාගන අවසානයි. දැන් ඔබගේ email box එකට ගිහිල්ලා Skrill එකෙන් එවල තියන email එක මගින් ඔබගේ email address එක verify කරගන්න .
දැන් ඔබට ඔබගේ skrill account එකට log විය හැකිය .
ඔබගේ skrill account එක මේ ආකාරයෙන් දිස් වේවි .
Verify Skrill account
දැන් තියෙන්නේ skrill account එක verify කරගන ගනුදෙනු කරගැනීමට හැකි ආකාරයට සකසා ගැනීමයි.
දැන් account settings වලට යන්න ,ඔබට පහත ආකාරයෙන් account settings බලාගන්න පුළුවන් ,ඔබට අවශ්යනම් ඔබගේ password එහෙම වෙනස් කරගනීමට පුළුවන්. දැන් ඔබගේ address කියන තැන verify address click කරන්න එවිට ඔබ skrill එකට ලබාදුන්නා ලිපිනයට ඔබගේ ලිපිනය තහවුරු කිරීමට post මගින් code එකක් සහිත ලිපියක් ලැබේවි.
මෙම ලිපිය ලැබෙන්න දින 7-21 වගේ කාලයක් ගත වේවි. දැන් ඔබට ලැබුන code එක ඇතුලත් කර ඔබගේ address verify කරගන්න පුළුවන්.
එසේම ඔබගේ phone number verify කිරීමද ඔබට කරගත හැකිය.එහිදී ඔබගේ phone number එකට Skrill මගින් code එකක් sms මාර්ගයෙන් එවනු ලබනවා එම code එක සදහන් කිරමෙන් ඔබගේ phone number ද වෙරිෆ්ය් කරගැනීමට හැකියාව ලැබෙනවා .
Add bank account to Skrill Account
ඔබට දැන් ඔබගේ බැංකු ගිණුමේ විස්තර ඇතුලත් කරගන්න පුළුවන් ,ඒ සදහා cards and bank accounts මත click කරන්න .එවිට පහත ආකාරයෙන් ඔබට window එකක් ලැබේවි ,එහිදී ඔබගේ බැංකු ගිණුමේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරන්න .
මෙහිදී අතිශය වැදගත් කාරණාවක් තියෙනවා Skrill account භාවිතා කරමින් මුදල් ගෙන්වීමේදී කිසිම විටක සම්පත් බැංකුවේ ගිණුම් හෝ NSB ගිණුම් බාවිතා නොකරන්න එම ගිණුම් RFC /NRFC ගිණුම් උවද බාවිතා නොකරන්න මොකද හේතුව intermediate bank fee කියල $25ක් කපනවා .$100ක් විතර ගන්නකොට $25ක් කපුනම ආයේ ඉතිරිවෙන දෙයක් නැහෙනෙ . ඒ නිසා BOC bank එකේ account එකට skrill මගින් මුදල් ගෙන්වාගැනීමට කටයුතු කරන්න ,boc බෑන්ක් එක මගින් ඩොලරයට ඉහලම වටිනාකමක් ලබාදෙන අතර කිසිදු ගාස්තුවක්ද ය නොකරයි. ඔබට boc bank sms පහසුකම ලබාගත්තාම මුදල් ගිණුමට බර උන සැනින් sms එකක් මගින් දැනුවත් වීමටද හැකියාව ඇත .මෙම sms සේවාවද boc bank මගින් නොමිලයේ ලබාදෙයි .
How to withdraw money using skrill account
withdraw money කියන Tab එක මත click කරන්න එවිට ඔබගේ withdraw methods ටික බලාගන්න පුළුවන් ඔබ bank එකට සල්ලි ගෙන්වනම් ඔබගේ account number යොදා අදාළ මුදල යොදා ගනුදෙනුව තහවුරු කරන්න ඔබගේ මුදල දින 2-5 අතර කාලයකදී ලැබේවි ,
දැනට මුදල් ගෙන්වන්න තියන අඩුම ගාස්තුවක් වය වන ක්රමය තමයි අපි මේ post එකෙන් කතා කරේ. මේ ආකාරයෙන් මුදල් ගෙන්වගනිමෙන් ඔබගේ මුදල් ඉතුරු වීම සිදුවේවි .
ඒ වගේම skrill වල තියන එක ලොකු අඩුපාඩුවක් වෙන්නේ අපිට ගැටලුවක් ඇතිවිට ක්ෂණිකව ඔව්න් සම්බන්ද කරගත නොහැකිවීමයි .call කරලා සම්බන්ද කරගත හැකිය ,නමුත් ඔව්න් Tickets වලට පිළිතුරු බැදීමට සති 2-3 ගන්නා අවස්ථාද ඇත.
ගැටලු ඇත්නම් පහලින් comment කරන්න.






