Tuesday, January 9, 2018

Tv You

Bit Coin Wallet එකක් නිවැරදිව හදාගමු

og-home

Bit Coin Wallet එකක් කියලා කියන්නෙ අපි ගනුදෙනු සිදුකරන Crypto currencies අතරින් බහුලව භාවිතා කරන Bitcoin සුරක්‍ෂිතව තබා ගැනීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල පසුම්බියක් එහෙම නැතිනම් ආරක්‍ෂාකාරි ගිණුමක් කියලා පහසුවෙන් හදුන්වන්න පුලුවන්.
ඉතින් දැනට මේ කියන Bitcoin  Store කරලා තියාගන්න එක එක විදිහෙ Wallet තිබුනත් මමනම් අනුමත කරන්නෙ Coinbase wallet එක. කිසිම කරදරයක් නැතුව අපිට නිදහසේ ගනු දෙනු කරන්න පුලුවන් හොද Wallet එකක් වගේම ආරක්‍ෂාව අතිනුත් ගොඩාක් වැඩි ජනප්‍රිය web wallet එකක්. තමන්ගෙ සාමාන්‍ය විස්තර ඇතුලත් කරලා අපිට පුලුවන් පහසුවෙන් නව ගිණුමක් හදාගන්න.
ඉතින් මේ  coinbase wallet  එක හදන්න පහත ක්‍රම අනුගමනය කරන්න
  1.  නව ගිණුමක් හදන්න මුලින්ම Create my account කිලික් කරන්න.
2. ඊට පස්සෙ පල්ලෙහා තියෙනවා වගේ page එකක් එයි ඒකෙ තියෙන විදිහට තමන්ගෙ විස්තර ඇතුලත්              කරන්න.
Capture
3.  ඊලගට අපිට තියෙනවා අපි හදපු ගිණුමේ Email ලිපිනය Verify කරන්න. ඒකට ඔයාලා දුන්න Email එකට ලොග් වෙලා බලන්න coinbase එකෙන් mail එකක් ඇවිල්ලා ඇති පහල තියෙන විදිහට Email ඒක open කරලා   verify email addresses කියන තැන ක්ලික් කරන්න.
7
හරි දැන් ගිණුම හදලා ඉවරයි. ඊලගට අපි බලමු කොහොමද coinbase එකට Bitcoin ගෙන්න ගන්නෙ සහ coinbase එකෙන් වෙනත් ගිණුමකට Bitcoin යවන්නෙ කියල.
∗∗∗∗∗ අපේ ගිණුමට නිවැරදිව Bitcoin ගෙන්වා ගනිමු
අපිට අපේ coinbase ගිණුමට Bitcoin ගෙන්න ගන්නනම් අපි අපේ Bitcoin address එක ලබා ගත යුතුයි. අපිට කරන්න තියෙන්නෙ අපේ ගිණුමෙ accounts කියන තැනට ගිහිල්ලා ඒකෙ උඩින්ම තියෙනවා BTC Wallet කියලා අපේ Bitcoin Account එක.
Capture
ඒකෙ දකුණු පැත්තෙ කෙලවරේ ඇති Get bitcoin address කියලා එකක්. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ පහල තියෙන විදිහට ඔයාලට page එකක් එයි ඒකෙ රතු පාටින් සදහන් වෙලා තියෙන්නෙ අපේ  Bitcoin wallet එකට අදාල address එක. ඒක නිවැරදිව කොපිකර ගෙන අපිට Bitcoin එවන කෙනාට ලබා දෙන්න.
Capture
වැදගත්ම දේ තමයි මේ ලැබෙන Bitcoin address එක සැරින් සැරේට වෙනස් වෙනවා එහෙම උනා කියලා කලබල වෙන්න දෙයක් නෑ. ඒ මොන address එක දුන්නත් අපේ  BTC Wallet එකට එවන Bitcoin ලැබෙනවා. Security වැඩි නිසයි මෙහෙම දෙයක් කරලා තියෙන්නෙ.
∗∗∗∗∗ වෙනත් ගිණුමකට නිවැරදිව Bitcoin යවමු
පහත ආකරයෙන් ගිණුමට ලොග් වෙලා Sent/Request  කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ අපිට පුලුවන් ඕනෑම Bitcoin Address එකකට Bitcoin යවන්න.
8
ඉතින් මේ ආකාරයෙන් අපිට පුලුවන් Coinbase එක භාවිතා කිරීමෙන් පහසුවෙන් Bitcoin ගණුදෙනු සිදුකරන්න

Subscribe to this Blog via Email :

1 comments:

Write comments
Ns
AUTHOR
May 20, 2018 at 7:30 AM delete

Elama.....fttaa wadakkk

Reply
avatar