Friday, September 1, 2017

Tv You

සිංහලෙන් Neteller ගැන හැමදෙයක්ම

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Neteller eWallet එක ගැනයි මේ ලිපිය.
  • ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?
  • Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්
  • ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම
  • ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම
  • ඔබේ Credit / Debit Card එකේ තැන්පතු සීමාවන් වැඩි කර ගැනීම සඳහා Validate කිරීම
ගැන දැනට මේ ලිපියේ ඇතුලත්. ඔබේ ඉල්ලීම් වල හැටියට තව දුරටත් තොරතුරු ඇතුලත් කිරීමටත් මම සුදානම්.

අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබ Neteller භාවිතා කළ යුත්තේ ඇයි?

    1. Neteller කියන්නේ ලෝකයේ පිළිගත් Online Payment Processor කෙනෙක්
    2. අපේ Credit/Debit Card පිලිබඳ රහස්‍ය තොරතුරු broker අතට හෝ වෙනත් කිසිවෙකු අතට පත් වෙන්නේ නැතුව ගනුදෙනු කරන්න පුළුවන්. (මම කියන්නේ නැහැ, brokersලා හොරු කියලා. ඒත් අවදානම අවම කරගත්තාම කෝකටත් හොඳයි නේ) අර කතාවකුත් තියෙන්නේ Prevention is better than Cure කියලා.
    3. Neteller අපේ online ගනුදෙනු වලට අතරමැදියෙක් විදියට ක්‍රියා කරන නිසා අපි සල්ලි හොයන්නේ Binary Options Trading වලින් කියලා කාටවත් දැනගන්නට විදියක් නැහැ. මේකේ තියෙන වටිනාකම කොච්චරක්ද කියලා ආයේ කියන්න ඕනේ නැහැනේ.
    4. අපි අපේ  Broker Account එක Verify කරන කොට Credit/Debit Card එකේ Scanned Copies යවන්න කරදර වෙන්න ඕනේ නෑ.
    5. ඔබේ ප්‍රතිලාභ ආපසු ගන්නා විට (Withdrawal එකක් කරන විට) Bank Wire Transfer වලට $30-$40 ගෙවන්නේ නැතුව Net+ Card එක භාවිතා කරලා $6 ක වගේ මුදලකට  සිරි ලංකාවේ අපිට, ලඟම තියෙන MasterCard වලට support කරන ATM එකෙන් සල්ලි ගන්න පුළුවන්.
    6. ඒ වගේම තමයි Trading වලින් ඔබ උපයන ලාභ අතට ගන්න දින ගණන් බලන් ඉන්න ඕනේ නැහැ. Withdrawal Request එකක් කරලා පැය කීපයක් ඇතුලත අතටම සල්ලි ගන්න පුළුවන්.

Neteller ගිණුමක් විවෘත කරගැනීමට පියවරෙන් පියවර අත්වැලක්

  • මුලින්ම Neteller වෙත යන්න.

www.Neteller.com

  • මේ තොරතුරු පිරවීමේදී සෑම විටම සත්‍ය තොරතුරු ඇතුලත් කරන්න.
  • දෙවැනි පියවරේදී මේ තොරතුරු ඇතුළත් කරන්න.
  • ඔබේ ප්‍රදේශයට අදාළ Post Code එක ශ්‍රී ලංකා තැපැල් වෙබ් අඩවියේ පහළ දකුණු කොනෙන් ලබා ගන්නට පුළුවන්.


ඔබේ ගිණුමේ ආරක්ෂාවට අසන ප්‍රශ්න


  • මේ ප්‍රශ්න සඳහා ඔබ ලබාදෙන පිළිතුරු Email එකට එවන්නේ නැති නිසා අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි.
    • යම් හෙයකින් Neteller ගිණුම Lock වුවහොත් Unlock කරගැනීම සඳහා
    • ඔබ නිතර log වෙන පරිඝනකයෙන් හැර වෙනත් ස්ථානයෙන් log වුවහොත් ඒ ඔබම බව තහවුරු කර ගැනීම සඳහා
විටින් විට Neteller එකෙන් මේ ප්‍රශ්න අසනු ලබනවා.
  • තවද…මේ ප්‍රශ්න වලට ඔබ ලබාදෙන පිළිතුරු නිවැරදිව ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන්නට පහසු විමත් ටිකක් වැදගත්.
    • ඔබේ Neteller ගිණුම Lock වුවහොත්, නැවත unlock කර ගැනීමේදී ඔබ ලබා දුන් දුරකථන අංකයට Neteller වෙතින් ඇමතුමක් ලැබෙන අතර එහිදී ඔබට මේ ප්‍රශ්න වලට ඔබ ලබා දුන් පිළිතුරු දෙන්නට සිදු වෙනවා.
  • ඔබට එකම ප්‍රශ්නය දෙවරක් භාවිතා කළ නොහැකි අතර සමාන පිළිතුරු භාවිතා කිරීමටද නොහැක. සෑම පිළිතුරක්ම අකුරු 2-22 අතර විය යුතුය.
  • ඔබ ඇතුළත් කළ තොරතුරු නැවත වරක් නිවැරදි දැයි බලා “Continue” Click කරන්න. එවිට මෙවැනි තිරයක් මතු වේවි.
  • ඔබේ තොරතුරු තහවුරු කළ විට මෙවැනි තිරයක් මතු වේවි.
  • ඔබ සාර්ථකව Neteller ගිණුමක් විවෘත කළ බවට දන්වා ඔබට ලැබෙන Confirmation Email එකේ මෙම Secure ID එක ඇතුලත් නොවන බැවින් එය සුරක්ෂිත ස්ථානයක සටහන් කර ගන්න.
  • දැන් ඔබේ අළුත් Neteller ගිණුමට log වෙන්න.
  • බේ Neteller ගිණුම Verify කරන්නට නම් අවම වශයෙන් එක මුදල් ගනුදෙනුවක්වත් සිදුකර තිබිය යුතු නිසා අපි ඔබේ Debit / Credit Card එක භාවිතයෙන් Neteller වලට මුදල් තැන්පත් කරන ආකාරය දැන ගනිමු.
ඇතැම් අවස්ථා වලදී Neteller වෙත Log වූ වහාම ඔබේ අන්‍යන්යතාවය තහවුරු කළ යුතු බවට දන්වා පණිවිඩයක් ලැබෙන අතර එවිට Deposit කිරීමටත් කලින් ඔබේ Neteller ගිණුම Verify කළ හැකියි.

ඔබේ Neteller ගිණුමට Credit / Debit Card පතක් මඟින් මුදල් තැන්පත් කිරීම

  • මුලින්ම ඔබේ Account එකේ Money In වෙත යන්න.

  • ඔබට අදාළ Card වර්ගය තෝරාගන්න.
  • මේ ආකාරයෙන් $20 හෝ වැඩි මුදලක් තැන්පත් කරන්න
  • ඔබේ Debit/Credit Card එක Neteller වලට අළුත් නිසා එක ගනුදෙනුවකදී $160 ක් වැනි උපරිමයකට යටත්ව තමයි මුදල් තැන්පත් කළ හැක්කේ. මේ Limit එක වැඩි කර ගන්නට නම් Card එක Validate කර ගත යුතුයි.
  • අපි මේ තැන්පතුව සිදුකිරීමේදී Neteller වෙතින් ඔබේ Credit / Debit Card Center එකට ඉලක්කම් හතරක කේතයක් යවනවා. ඔබේ Card එක Validate කරන්නට මේ කේතය අවශ්‍ය වෙනවා. මම පාවිච්චි කරන HNB එකට නම් ඒ කේතය ලඟා වෙන්න දවස් 3-4ක් යනවා. අනිත් බැංකු ගැන නම් මම දන්නේ නැහැ.  ඒ වැඩේට ටිකක් කල් යන නිසා අපි ඔබේ Neteller ගිණුම Verify කරගෙන ඉමු.

ඔබේ Neteller ගිණුම Verify කර ගැනීම

  • Verify Your Identity වෙත යන්න…
  • ඔබේ අනයන්‍යතාවය තහවුරු කිරීම සඳහා රියදුරු බලපත්‍රයේ, විදේශ ගමන් බලපත්‍රයේ Scanned Copy එකක් මේ සඳහා සැපයිය යුතුය.
  • ඔබ ලබා දුන් Scanned Copy එක අනුමත වූ ගමන් Email මඟින් දන්වාවි…

ඔබේ Debit/Credit Card එක Validate කර ගැනීම

  • පළමු තැන්පතුව කිරීමෙන් දින 3-4 කට පසු ඔබේ Card Center එක වෙත දුරකථන ඇමතුමක් දී අදාළ දිනයේ ඔබ කළ Transaction එකට අදාළව Neteller එකෙන් එවා ඇති ඉලක්කම් 4ක කේතය ලබා ගන්න.
මෙහෙම Call කරනකොට කීයටවත් Neteller Validation Code එක මොකද්ද? කියලා Call Center එකේ එකාගෙන් අහන්න එපා. ඌ උඩබිම බලාවි.
මෙහෙම කරන්න
“මෙන්න මේ දවසේ මම Neteller සමාගමත් එක්ක ගනුදෙනුවක් කළා, කරුණාකරලා මට අන්න ඒ ගණුදෙනුවට අදාල Transaction Description එකේ තියෙන පළවෙනි ඉලක්කම් හතර කියන්න පුලුවන්ද අහන්න.”
ඔන්න ඕක තමයි ඔයාගේ Neteller Validation Code එක වෙන්නේ. 
  • Neteller වෙත Log වී Settings > Preferred Deposit Options > Validate වෙත යන්න
  • Validate Click කර “Continue” කරමින් ඉදිරියට යන්න
  • මේ Validation එක සඳහාද $5 මුදලක් අය කරන අතර එයද ඔබේ ගිණුමට එකතු වේ.
  • ඔබේ Card එක සාර්ථකව Validate කරන ලද බව‍ සහ ඔබේ තැන්පතු සිමා ඉහළ යවන ලද බව දන්වා මෙවැනි තිරයක් මතු වේවි. එක ගනුදෙනුවක් මඟින් $2500ක් දක්වා තැන්පත් කරන්නට පුළුවන්.
මම හිතනවා ඔබ Neteller ගැන සෑහෙන දෙයක් දැන ගන්න ඇති කියලා. මේ ගැන තව ප්‍රශ්න තියෙනවා නම් අහන්නට පුළුවන්.
ඒ වගේම මේ ලිපිය අන්තර්ජාලයේ මුදල් ගනුදෙනු කරන ඔබේ මිතුරන් සමඟත් බෙදා ගන්නට අමතක කරන්න එපා.

Subscribe to this Blog via Email :

1 comments:

Write comments
nalinibabel
AUTHOR
March 3, 2022 at 10:16 AM delete

Casino Review for Harrah's Philadelphia - JTM Hub
If you're looking 수원 출장마사지 for a good casino, it's safe to say Harrah's 안산 출장안마 Philadelphia 영주 출장마사지 is one 포항 출장마사지 of your best options. Harrah's Philadelphia 오산 출장안마 is the first

Reply
avatar